2018 ජුනි 16 වන සෙනසුරාදා

උප ඇමැතිලාගේ ඔට්ටුව..

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 768

දියවන්නා කවුන්සිල් ලොබියෙ උප ඇමැති සංශෝධනේ ගැන එක කතාවයි... මේ කතාබහට සැට්වෙලා හිටියෙ අලි පාටියෙ පසුපෙළ කස්ටියක්... ඕක කරනවය කරනවය කියල දැන් කොච්චර කාලෙක ඉඳල කියනවද... පිස්සුද මචං ඕක කෙරෙන වෙදකමක් නෙවෙයි... දකුණෙන් ආපු බුද්ධිමත් තරුණ මන්තිරිතුමෙක් ප්‍රකාශ කළා...

උන්නැහේගෙ ඒ කතාවට උත්තර බැන්දෙ වයඹින් ආපු කටකාර බණ්ඩාරවරයෙක්ලු... උන්නැහේට අනුව අනිවාර්යයෙන්ම උප ඇමැති සංශෝධනේ සිද්ධවෙන බව කැට තියල කිව්ව. ඒත් ඒ කතාව දකුණෙ තරුණ මන්තිරිතුමා පිළිගන්නෙම නැහැල්ලු...

ඊළඟට වයඹ කටකාරයා කිව්ව හොඳයි මේ ගැන වාද විවාද වැඩක් නැහැ. අපි ඔට්ටුවක් අල්ලමුද? කියල... ආ... ඒක හොඳයි මම ලෑස්තියි ඕන ඔට්ටුවකට දකුණෙ මන්තිරි තැන අභියෝගය බාරගත්ත... 

මොකක්ද ඔට්ටුව ඒ දෙන්න නැවත කතා කළා... අන්තිමේ තීන්දුවකට ආව... ඊළඟට දකුණෙ මන්තිරිතුමා ඔට්ටුව නිවේදනය කළා.

මචං... අද හෙට නෙවෙයි ඉදිරි අවුරුදු එකහමාර ඇතුළත ඔය කියන උප ඇමැති පට්ටම් ටික දුන්නොත් දියවන්නාවට හැරෙන ගේට්ටුව ළඟ ඉඳල මන්දිරේ ඇතුළට මම පස්ස බිම තියල ඇවිදගෙන එනවා දකුණෙ මන්තිරිතුමා කීව...

හරි මම ඔට්ටුව බාරගන්නව... කියන විදියට උප ඇමැති පට්ටම් දුන්නොත් උඹ ඔය කිව්ව වගේ ....න් ඇවිදින්න ඕන... බැරිවෙලාවත් නුදුන්නොත් මම ඒ විදියට ගේට්ටුව ළඟ ඉඳල මන්දිරේට එනව ඔන්න ඔය විදියට තවත් මන්තිරි කස්ටියක් ඉස්සරහ මේ ඔට්ටුව සහතික කළා. ඊට දවසකට දෙකකට පස්සෙත් වයඹ මන්තිරි තැන ඔට්ටුව වලංගු නේද කියල දකුණෙ මිත්‍රයගෙන් ඇහුව. උන්නැහේ නැතුව නැතුව කියලා ඔට්ටුව නැවතත් තහවුරු කළා.

ඔන්න බොලේ ඊළඟට කවුරුවත් නොසිතූ විදියට ගිය අඟහරුවාදා ඔය කිව්ව උදවියට ආණ්ඩුව උප ඇමැති පට්ටම් ප්‍රදානය කළා... ඔට්ටුව දාපු දෙන්නටත් පට්ටම් ලැබිලා තියෙනවා... දැන් ඔට්ටුව අල්ලපු වයඹ මහත්තයා දකුණෙ මහත්තය ඔට්ටුව ක්‍රියාත්මක කරනකම් දින ගැන ගැන ඉන්න බව ආරංචියි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00