2018 ජුනි 16 වන සෙනසුරාදා

පුදුම හමුවක්

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 607

උතුරු සන්ධානෙ රැඩිකල් මන්තිරි සයිස් මහත්තයෙක් විපක්ෂයට සම්බන්ධ ඒත් කෙළින්ම දේශපාලනේ නැති ඉතාම ප්‍රබල කෙනෙක් එක්ක කරපු කතාබහක් ගැන ආරංචියක් ගියා.

රට නිදහස් කරගන්න ගිය ආණ්ඩුව කාලෙ ඉහළම කැපකිරීමක් කරපු මේ විපක්ෂයට සම්බන්ධ ප්‍රබලයගෙ පැත්තට පසුගිය කාලෙ තදින්ම බැට දීපු උතුරු සන්ධානෙ ප්‍රබලය එතැන න්‍යායාචාර්යවරයෙක් හැටියටයි සැලැකෙන්නෙ... බටහිර රටවල් උතුරු සන්ධානෙත් එක්ක තදින්ම ගැටගහන්නත් මුල්වුණ මේ රැඩිකල් මන්තිරි තැන නීති අංශයටත් බර කෙනෙක්ලු.

ඉතින් පසුගිය කාලෙ උන්නැහේ ඉන්න සන්ධානෙ ඉහළ තැන්වලින් එයාට කැපිල්ලක් ආවලු... හැබැයි ඒ කැපිලි කෙටිලිවලට හේතුව එයා උතුරෙ ලොකු ඇමැති ගැන කරපු යම් යම් කතාවල්ය කියල එයාට විරුද්ධ අය කියනවා... ඔය අල්ල පනල්ලෙ තමයි මේ මන්තිරි තැන සහ විපක්ෂයට සම්බන්ධ ප්‍රබලයා හමුවුණා කියන කතාව ගියේ. හැබැයි මේ හමුවෙ ප්‍රතිඵලය ගැන නම් තවමත් මුකුත් කියන්න පුළුවන් තත්ත්වයක් නැහැ...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00