2018 ජුනි 16 වන සෙනසුරාදා

හිටපු ලොකු තැනගේ වාග් ප්‍රහාරය

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 590

16 දෙනාගෙ කණ්ඩායම ගැන පොහොට්ටු කස්ටිය ලොකු ගෝරියක පැටලිලාලු ඉන්නෙ. පසුගිය දවසක නියෝජ්‍ය කතානායක සටනින් සුදර්ශනී නෝනව පරද්දන්න වැඩ කරපු අයට පාඩම් උගන්වන්න මේ සතියෙත් පක්ෂ නායක රුස්වීමට නොයන්න දිනේෂ් උන්නැහේ යෝජනාවක් ගෙනැල්ලා... ඒත් පක්ෂ නායකයො ගණනාවක් එයාට යාප්පුවෙන් කියලා රුස්වීමට එක්ක ආව කියල කියැවෙනවා...

කොහොම හරි පක්ෂ නායකයන්ගෙ ගිය අඟහරුවාදා හමුවෙදි නියෝජ්‍ය කතානායක හුටපටේ තද ගෝරියක් බවට පත්වුණා කියල ආරංචියි... මෙතනදි හිටපු ලොකු තැන සුදර්ශනී නෝන පරද්දන්න ක්‍රියා කරපු පක්ෂයේ සමහර ජ්‍යෙෂ්ඨයන්ට කඳ හරහා වාග් ප්‍රහාරයක් එල්ල කළාලු.

තමන් කියන විදියට මෙතැන කටයුතු කරන්න බැරි නම් කරන්න ඕන දේ තමන් දන්නා බවත් කියලා... මැතිවරණවලට 16 දෙනාගෙ සහාය ඉතාම වැදගත් නිසා ඒ අය දිනාගැනීම මිස පන්නා දැමීම තමන්ගේ දේශපාලනය නොවේය කියල දැඩිව කීව බවත් සඳහන් වෙනවා... මේ වාග් සංග්‍රාමයෙදි හිටපු ලොකු තැනට උත්තර දෙන්න ගියපු රාජපක්ෂ පවුලෙ ප්‍රබලයකුටත් එයා ලොකු ගෝරියක් දැම්මලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00