2018 ජුනි 16 වන සෙනසුරාදා

දුක නිවන්න මීටිමක්

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 528

අත පාටියෙ ජාතික සංවිධායක පට්ටමට වගකියන රජරට දුමීට 16 දෙනාගෙ කණ්ඩායම හිටු කියල බැට දෙනවා... තමන්ගෙ ලියන මහත්තයා පට්ටමට තට්ටු කළෙත් මේ අයය කියලයි දුමී හිතන්නෙ.

ඉතින් උන්නැහේට මේ විදියට දිගින් දිගටම ප්‍රසිද්ධ වේදිකාවෙදි ඌවෙ පෙරේරල සැරට ගැහිල්ල ගැන දුමී රටේ වගේම පක්ෂයෙ ලොකු මහත්තයටත් කොම්ප්ලේන් දැම්මා. මේ විදියට යන යන තැන මෙයාලා මට අරව මේව කියනව නම් මට මේකත් එපා කියමින් අඬෝවැඩියාවක් දැම්ම බවයි තතු දත් අය කියන්නෙ...

ඔන්න ඒ පාර දුමී සනසන්න ඕන නිසා දෙපැත්ත බැලන්ස් කිරීමේ මීටිමක් කැඳවන්න රටේ ලොකු මහත්තයා තීන්දු කරලලු. ඒක අද හෙටම තියෙනවලු. ඒත් 16 දෙනාගෙ කණ්ඩායමේ ලොක්කො වගේම අලි පාටියෙ ඉන්න සමහර ලොකු ලොක්කොත් කියන්නෙ සම්මුති ආණ්ඩුවෙ ආයු කාලය කෙටිවෙන බවයි. දැනටමත් 16 දෙනා එක්ක එකතුවෙන්න තව කණ්ඩායමක් සූදානම් කියල එයාල කියනවා. මෙයින් තුන් හතර දෙනෙක් පසුගියදාක රාත්‍රී භාගයේ හිටපු ලොකු තැනගෙ ගෙදරට හොරෙන්ම ගියා කියලත් සමහරු කියනවා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00