2018 ජුනි 16 වන සෙනසුරාදා

ලියමනට බයවෙලා!

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 454

අලි පාටියෙ කැරලිකාර පසුපෙළට පහුගිය දවසක ලියමනක් ලැබුණලු. ඒ කැරලි ගහලා නායකයා විවේචනය කළ මන්තිරි නෝනට පක්ෂයෙන් දුන්න අවවාද ලිපියලු... මේක දැකල පසුපෙළ ගෝලයො තමන්ගෙ නළලෙ අත ගහගත්තෙ ඇස්ගෙඩි උඩදාගෙන.

ඒ ලියමන බලලා ඉවරවෙලා කට්ටිය කතා වුණාලු මොකද ඊළඟට කරන්නෙ කියලා... මෙන්න එකා දෙන්න මඟ අරිනවලු. සමහර අය කිව්වලු ලොක්කා එක්ක ලෙඩ දාගෙන පක්ෂයෙන් යන්න ඕනෙ නෑනෙ. ඒ නිසා පාඩුවේ ඉමු... කියල. සමහර අය පක්ෂයෙන් දුන්න අධීක්ෂණ පට්ටම් බලෙන්ම ගිහින් බාරගත්තලු.

කොහොමින් කොහොම හරි දැන් සටනට ඉතුරුවෙලා ඉන්නෙ රත්නපුරෙයි බදුල්ලෙයි මැම්බර්ල දෙන්නෙක් විතරලු. ඒ දෙන්නම තරැණ නිසා වැඩිහිටි අය කියනවලු මල්ලිලා නිකං නහින්න එපා කියලා... ඒත් ඒ දෙන්න අර ලියුමෙ තියෙන දේවල් ගණන් ගන්නෙ නැතුව වැඩ කරන්නලු යන්නෙ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00