2018 ජුනි 09 වන සෙනසුරාදා

තිරන් - භවන් සටන

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 526

දකුණෙ වගේම උතුරෙත් දේශපාලන ගෝරි පටන් අරන්. රටේ විපක්ෂයට නායකත්වය දෙන පාටියෙ කස්ටිය අතරයි මේ අලුත්ම ආරවුල හටගෙන තියෙන්නෙ...

ඔය කණ්ඩායමේ ඉන්න දෙවැනි පෙළ ලොක්ක හැටියට සලකන තිරන් උන්නැහේ පාටියෙන් කොන් කරන්න ඇතුළෙන්ම යෝජනාවක් ගේන්න කස්ටියක් හැදුව. ඒකට නායකත්වෙ දුන්නෙ පක්ෂයෙ ලොකු මාධ්‍ය බලයක් තියෙන එක්තරා භවනකට අධිපති මන්තිරි සයිස් මහත්තයෙක්ලු.

මේ වැඩේට මන්තිරි පාටියෙ මන්තිරි කස්ටිය දැනුවත් කරන්න උන්නැහේ පසුගිය දවස්වල හතර අතට ටෙලිෆෝන් කෝල් එහෙම දුන්න බවත් ආරංචියි...

කරුමෙට වගේ අර භවනට අධිපති මන්තිරිතුමා දුන්න ඇමතුමක් කෙනෙක් රෙකෝඩ් කරල තිරන් මන්තිරි තැනගෙ අතටම පත් කරලය කියල තතු දත් අය කියනව. ඊට පස්සෙ ගින්න පත්තුවෙලා. දැන් ඒ පාටිය ඇතුළෙ ගිනිබෝල කැරකෙනවලු.
භවන්ට එරෙහි තිරන්ගේ සටන පාටිය ඇතුළෙ ලොකු ඉරක් ඇඳල කියලයි ආරංචි. මේ ප්‍රශ්නෙ නිසා දැන් සමහරැ රෝහල්ගත වෙච්ච බවත් කියවෙනව.