2018 ජුනි 02 වන සෙනසුරාදා

කතා නැහැ!

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1240

පසුගිය දවසක හිටපු ලොකු තැන ගම්පහ පැත්තෙ මඟුල් ගෙදරකට සහභාගි වුණාලු... ඒක තිබුණේ බස්නාහිර පළාත් සභාවෙ මන්තිරි සයිස් උන්නැහේ කෙනෙක්ගෙ නිවසෙ බවයි ආරංචි...

සාමාන්‍යයෙන් හිටපු ලොකු තැන මොන පළාතට ගියත් එහේ පක්ෂ සංවිධායකයත් කැඳවගෙන තමයි උත්සවවලට යන්නෙ...

ඒ අනුව පළාතෙ දේශපාලන වැඩ බලන සරණත් හිටපු ලොකු තැන සමඟ මඟුල් ගෙදරට සහභාගි වෙලා...

ඔන්න ඔය ගමන ගියපු එක ගැන ගම්පහ පැත්තෙ පොහොට්ටුවෙ ලොක්කකුට පුවල් ගිහිල්ලලු...

උන්නැහේට තරහ ගිහින් තියෙන්නෙ තමන් නොදැන අහවලත් එක්ක මඟුල් ගෙදර ගිය එක ගැනලු... ඒකට හිත නරක් කරගත්ත පළාතෙ ප්‍රසන්න දේශපාලනයක් කරන උන්නැහේ හිටපු ලොකු තැන එක්ක දැන් කතා කරන්නෙ නැහැ කියලයි ආරංචි.
හිටපු ලොකු තැනත් ඒකට කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැතිලු.