2018 මැයි 12 වන සෙනසුරාදා

බරබරේට හේතුව

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 771

මිණිපුරේ පැත්තෙන් ආපු අලි පාටියෙ තරුණ මන්තිරි උන්නැහේ කෙනෙක් ඉන්නව... උන්නැහේ ගිය ඡන්දෙන් මුල්වරටයි දියවන්නාවට ආවෙ...

තමන්ගෙ පක්ෂයෙ ප්‍රතිසංවිධානෙ ගැන මුන්නැහේ ටිකක් සැර කතා කියන්න පටන් ගත්ත. සමහරැ කිව්වෙ විශ්වාසභංගෙ වෙලාවෙ උන්නැහේ අමුතු ගේමකට සැට්වෙලා හිටියයි කියලත්... 

ඒ කොහොම වුණත් මෙයා එකපාරටම සැර ප්‍රකාශ කරන්න පටන් ගත්තෙ පක්ෂයෙ එක්තරා තනතුරක් බලාගෙනය කියල හීනියට කතාවක් ගියා... ඒ තනතුර අලි පාටියෙ තරුණ පෙරමුණේ ලොකු පුටුවය කියලත් සමහරැ කිව්ව... මේක පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයන්ටත් ආරංචිලු...

කොහොම නමුත් මිණිපුරේ ෂාන් තුමා පක්ෂයෙ රුඩිකල් කණ්ඩායමේ ඉඳගෙන කරන්න යන අමුතු හුටපටේ නිසා යමක් වෙයි කියල තතු දත් අය කියනවා.