2018 මැයි 12 වන සෙනසුරාදා

දේවාල ගින්න

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 613

රජරට පළාතෙ ඉන්න රටේ හුඟක් ප්‍රසිද්ධ අනාවැකි කියන්නියක ලෙස නමක් දිනාගත් මෑණි කෙනකුගේ දේවාලය ගිනිතබා විනාශ කරලය කියල ආරංචියි.

ආණ්ඩුවෙ වගේම විපක්ෂයෙ ලොකු ලොක්කො නිතර ගැවසෙන මෙම දේවාලයෙ දහස් ගණන් ජනයාට උදේ සිට සවස් වනතුරුම අනාවැකි කියනවා... එයිනුත් දේශපාලන අනාවැකි සෑහෙන තරම් ප්‍රසිද්ධයි.

ඉතින් මේ අනාවැකි කියන්නිය රටේ දේශපාලන අනාගතේ ගැනත් පහුගියදා විවිධ අනාවැකි පළකර තිබුණා. රටේ ඉදිරි නායක කාරකාදීන් වෙන්න වාසනාව ඇති අය ගැන බොහෝ දේ කීව බවත් ප්‍රකටයි... හිටපු ලොකු තැන වගේ අයත් මෙතන නිතර ගැවසුණා...

එයාගෙ මේ අනාවැකිවලින් පසුව මෑණියන්ට අඳුනන නාඳුනන පිරිස් වෙතින් නොයෙක් ආඩපාලි කීම් වගේම තර්ජන ගර්ජනත් තිබුණලු... රජරට පළාතෙම ලොකු පට්ටම්ධාරී දේශපාලන ලොක්කකුත් විරසකෙන්ලු හිටියෙ. එහෙම තියෙද්දි තමයි මේ දේවාල ගින්න හටගත්තෙ...

දේවාල ගින්නෙන් පස්සෙ ඒ ගැන රාජකාරි කරන්න තවත් නොයෙක් දේ කරන්න බොහොම ලොකු ලොක්කො ඉදිරිපත් වුණාලු...

ඒත් මෑණියො තමන්ගෙ අවනඩුව නීතියට වඩා දෙවියන් ලවාම විසඳගන්නලු තීන්දු කරලා තියෙන්නෙ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00