2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

ඉව ඇල්ලිල්ල

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1045

පසුගිය ජනාධිපති ඡන්දෙට පක්ෂ මාරුකරපු ඇමැතිතුමෙක් ඉන්නව... උන්නැහේ ඡන්දෙ කාලෙ හිටපු ලොකු තැන එක්ක කලකිරිල අලිය පිට නැග්ග කෙනෙක්.

පරම්පරාවෙන්ම වැදගත් දේශපාලනයක් කරනවය කියන මුන්නැහේ පක්ෂ මාරුවට කලින් අත පාටියෙ ඉහළම මණ්ඩලේ තනතුරකුත් දැරුවා...

ඉතින් යහපාලනේට අවුරුදු තුන සම්පූර්ණ වෙනකොට උන්නැහේට ඡන්දෙ කාලෙ ජනතාවට දුන්න පොරොන්දුවලින් සොච්චමක්වත් කරගන්න බැරිවෙලා දැන් ඉන්නෙ අන්තිම අප්සෙට් එකේලු. ආණ්ඩුවෙ මහ පක්ෂ දෙකේ කස්ටියගෙ ආරවුල් ගැනත් කලකිරිල ඉන්න මුන්නැහේ තමන්ගෙ දිස්තිරික්කෙම නියෝජනය කරන හිටපු ලොකු තැනට එහේ තියෙන තැන ගැන තරමක් වික්ෂිප්ත වෙලා ආයෙමත් පරණ තැනට ඉව අල්ලන්න පටන් අරන් කියල ආරංචියක් යනවා.

පණිවුඩ - ගුණ වර්ණනා ආදිය මගින් ආයෙමත් පරණ ලොක්කගෙ ගෙදර වැට පනින්න සැරසෙන උන්නැහේ තවමත් දේශපාලන තරාදිය බැලන්ස් කරගන්න ලොකු උස්සාහයක් දරන බවත් වයඹ පළාතෙන් ආරංචි වෙනව.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00