2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

සභාපති තේරිල්ල

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 490

වයඹ පළාතෙන් පත්වුණ ආණ්ඩුවෙ ප්‍රබල ඇමැති සයිස් මහත්තයකුයි ඒකාබද්දෙ ඉන්න හිටපු ප්‍රබල ඇමැති සයිස් මහත්තයකුයි ප්‍රාදේශීය සභාවක් පිහිටුවගන්න ලොකු සටනක් දුන්න... මේ සටන හන්ද වයඹ පළාතෙ එක්තරා පිටියක නමකින් කියැවෙන නගරෙ තිබුණෙ විශ්වාසභංගෙටත් වඩා ලොකු උණුසුමක්ලු...

අලි පාටියෙ කස්ටියක් පොහොට්ටුවෙ කස්ටියක් බිලීබාගෙන සභාව පිහිටුවන්න යනවය කියල ආරංචියක් ගියාම තමයි තිරය පිටුපස සටන පටන් ගත්තෙ... ඔන්න ඒ පාර ඒ පළාත බාරව ඉන්න පොහොට්ටුවෙ මන්තිරි තැන වායු සමනය කළ සුපිරි බස් රථයකුත් අරගෙන ඔය කියන පිටිය නගරෙට ගියා. ගිහිල්ල එහේ හිටපු පොහොට්ටුවෙ මන්තිරිල විසි ගණනක් අල්ලල බස් එකට නග්ගගත්තලු. ඊළඟට මේ කස්ටිය අරන් වයඹට කිට්ටුව තියෙන සුපිරි තරැපහේ හෝටලේකට ගියා... හරියට පාර්ලිමේන්තුවෙ මහ ඡන්දෙකදි වගේ ප්‍රාදේශීය මන්තිරිගොල්ලට ආරස්සාවක් දාලත් තිබ්බ...

ඊටපස්සෙ ඡන්දයට කළින් දවස් එකහමාරක් විතර ඉස්තරම් කෑම බීමෙන් සංග්‍රහ කළාලු... ඡන්දය ෂුවර් බවට අන්තිමේදි සහතිකයකුත් ලබාගෙන සභාපති තෝරන ඡන්දෙ වෙලාවට අර සුපිරි බස් එකෙන්ම මේ කස්ටිය සභා ශාලාවට වැඩැම්මුව... ඊළඟට තිබුණ ඡන්දෙන් උන්නැහේල දිනුව... හැබැයි අන්තිම මොහොතේ මේ ජයග්‍රහණය ලබාගන්න ගියපු වියදම රුපියල් මිලියන දෙක තුනක්ලු. උන්නැහේ සභාපතිකම තමන්ගෙ පක්ෂයටම අයිති කරගන්න මෙච්චර සටනක් දුන්නෙ එයත් කලින් අලි පාටියෙ ඉඳල අයින් වුණේ ඔය ප්‍රාදේශීය සභාවට සටන් කරපු ඇමැති තැන එක්ක තිබුණ කොක්කක් නිසා බවයි තතු දත් අය කියන්නෙ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00