2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

නෝ කතා...

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 523

විශ්වාසභංගෙ විවාදයට ගන්න දවසෙ ශ්‍රී ලංකා පක්ෂයෙ මැති ඇමැති කස්ටියක් යෝජනාවෙන් මඟඇරල අලියට සහාය දෙන්න යනවය කියන ආරංචිය පොහොට්ටුවෙ ලොක්කන්ට ලැබුණෙ උදේමයි.

ඊටපස්සෙ මේකට මුල ඉඳලම ආශිර්වාද කරපු ශ්‍රී ලංකා පක්ෂයෙ වගේම රටේම ලොකු මහත්තයට කතා කරල මේ පෙරුළියට හේතු විමසන්න ඒකාබද්දෙ ලොක්කො කල්පනා කළා. ඒ අනුව ඒකාබද්දෙ ඉහළම තනතුරක් දරන කෙනෙක් වාර තුන හතරක්ම රටේ ලොකු මහත්තයගෙ දුරකතනෙට කතා කළාලු... ඒත් හේතුවක් නොදක්වාම උන්නැහේ දුරකතනයට ඇවිත් නැහැ... ඊටපස්සෙ මේව අපිට හොඳ පාඩම් කියල උන්නැහේ දුරකතනය තිබ්බලු.