2018 මාර්තු 10 වන සෙනසුරාදා

වාහන වාසනාව

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1440

දේශපාලනයට සුරූපිනියො සම්බන්ධයි... මේ කතාවටත් දේශපාලතුමෙක් වගේම රටේ සුප්‍රකට මොඩ්ලින් සුරූපිනියත් සම්බන්ධයිලු... ඇයගේ පියා බස්නාහිර පැත්තෙ පළාත් සභාවක් නියෝජනය කරන බවත් ආරංචියි...

මේ සුරූපිනියට පසුගියදාක රුපියල් ලක්ෂ 150ක් විතර වටිනා වාහන වාසනාවක් උදාවෙලා. ඇයට මේ වාසනාව උදාකරල දීලා තියෙන්නෙ රටේ නමගිය ප්‍රකට දේශපාලන භවතෙක් විසින්ලු...

නින්දට ප්‍රිය මේ දේශපාලන භවතාගේ කාරුණික නියෝගයෙන් වාහන ආනයන සමාගමක් විසින් සුරූපිනියට අදාළ වාහනය ලබාදුන් බව කියැවෙනවා...

දේශපාලන ලෝකයේ ඉතාමත් වාසනාවන්ත ඉසුරුමතෙක් වන මේ දේශපාලන භවතාගේ මේ දාන පාරමිතාව ගැන ලලනා ලෝකයේ මාර ප්‍රසිද්ධියක්ලු තියෙන්නෙ.