2018 මාර්තු 10 වන සෙනසුරාදා

කඹ ඇදිල්ල

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 644

පසුගිය දවසක රටේ දෙවැනි මහත්තය නැගෙනහිර පළතට ගියේ ඒ පළාතෙ කෙරෙන සංවර්ධන වැඩ ගැනත් බලලා ජනතාව හමුවෙන්න. හැබැයි උන්නැහේ ඒ පළාතට යන්න කලින් නැගෙනහිර හටගත්ත වඳ පෙති ආරවුල නිසා සිංහල මුස්ලිම් අය අතරෙ විරසකයක් ඇතිවෙලා තිබුණා.

ඉතින් මේ හුටපටේ නිසා අගතියට පත්වුණ ජනතාව හමුවෙලා එයාලගෙ දුක සැප ගැන සොයාබලන්න පළාතෙ මුස්ලිම් මැතිඇමැතිලට ඕනවෙලා තිබුණා... ඒත් දෙවැනි මහත්තය ඒ වැඩේට යනවට නැගෙනහිර පළාතෙ බොහොම දයාබර දේශපාලනයක් කරනවය කියන සිංහල ඇමැතිලා ලොකු කොක්කක් දාල...

ලොකු මහත්තය එයාලගෙ දුකසැප බලන්න ගියොත් තමන්ගෙ සිංහල ඡන්ද බැංකුව බංකොළොත් වේවි කියල උන්නැහේ හොඳටම බයවෙලා...අන්තිමේ මේ ගැන සිංහල මුස්ලිම් මැතිඇමැති කඹ ඇදිල්ලක් පටන් ගත්තලු... මේ අනවශ්‍ය ආරවුල නිසා කනස්සල්ලට පත්වෙච්ච රටේ දෙවැනි මහත්තයා ආපසු කොළඹ බලා පිටත් වුණා කියලයි ආරංචි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00