2018 මාර්තු 10 වන සෙනසුරාදා

ප්‍රකාශයක් කරන්නලු

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 609

නුවර පැත්තෙ ඉන්න ආණ්ඩුවෙ ජ්‍යෙෂ්ඨම දේශපාලුතුමෙක් හිටපු ලොකු තැනට කතා කළා. උන්නැහේ නියෝජනේ කරන්නෙ රටේ ලොකුම දේශපාලන පක්ෂයක්. කරන්නෙත් ලොකුම ඇමැතිකමක්.

ඉතින් උන්නැහේ හිටපු ලොකු තැනගෙන් ඉල්ලාසිටියෙ වහාම රට සන්සුන් වෙන්න කියල ප්‍රකාශයක් කරන හැටියටයි. මේ කතාව අහපු හිටපු ලොකු තැන ඇයි ඔයාල මට ප්‍රකාශ නිකුත් කරන්න කියන්නෙ. ආණ්ඩුවෙ ලොකු මහත්වරැ එපායැ ඒක කරන්න කියලා උත්තර දුන්නා.  ඒක අහපු ජ්‍යෙෂ්ඨ ඇමැතිතුමා හයියෙන් හිනාවෙලා මාර උත්තරයක් දුන්න. ආණ්ඩුවෙ ලොකු ලොක්කන් ගැන උන්නැහේලගෙ කියන තක්සේරැව ඒ ප්‍රකාශයෙන් කියැවුණා...

උන්නැහේ තවමත් ආණ්ඩුවෙ ලොකු පට්ටමක් දරන නිසා ඒ කිව්වදේ අපි සටහන් කරන්නෙ නැහැ... ඒත් ජනතාවට ඒගැන හිතාගන්න පුළුවන් වේවි.