2018 මාර්තු 03 වන සෙනසුරාදා

සතර කන් මන්ත්‍රණේ

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 742

කලකට පෙර ඇමැති පට්ටමක් දැරූ අලි පාටියේ එක්තරා ලොක්කෙක් නැවත තනතුරක් ලබා ගන්න පසුගිය දවස්වල ලොකු ට්‍රයි එකක් දුන්නා..

පසුගිය කාලේ කරපු වැඩ නිසා තටු කැපිලා ඉන්න මුන්නැහේ ආණ්ඩුවේ ඉහළම කන්තෝරැ දෙකකට තමන්ගේ ඉල්ලීම නොයෙක් මාර්ගවලින් ඉදිරිපත් කළා...

ඒත් හතර වටෙන්ම ආපු විරෝධය නිසා එයාට මුකුත්ම නොලැබෙන තැනට වැඩ යෙදුණා.

ඒ නිසා පරල වුණ මුන්නැහේ එයාගෙන් අනුග්‍රහය ලබන දියවන්නාවේ ඉන්න දේශපාලන පැංචෝ සැට් එකක් කැඳෙව්වා.

එයාලට හොඳට සලකලා මට වගේම ඔයාලටත් සිද්ධ වුණේ අසාධාරණේ. ඒක නිසා දැන් සටනක් දෙමු කියලා කීවලු...

ඊට පස්සේ කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි වැඩේ කරගන්න ඕන යැයි සිතා තමන්ගේ ගෝලයෙක් අත පාටියේ ඉන්න උඩරට පළාතේ කටකාර ඇමැති සයිස් පොරක් හම්බුවෙන්න ඇරියා.

දිසාවකට නායක වන ඇමැති තැන මුණ ගැසුණු අලි පාටියේ තරුණ ගෝලයා කැරුණෑගල පැත්තේ කටකාරයෙක්ලු... ඉතින් මේ දෙන්නා ඉතාම හොර රහසේ සතර කන් මන්ත්‍රණයක් කළා.. ඒකෙදි අලි පාටියේ ගෝලයා අත පාටියේ ඇමැතිගෙන් බරපතළ ඉල්ලීමක් කළාලු. මේ ඉල්ලීමෙන් කියැවුණේ අලි පාටියේ ලොකු පුටු වගයක් සුද්ධ කරන්න උදව් කරන්න කියන එකලු.. මේ සුද්දෙ කරන හැටිත් එයා කියලලු... දැන් මෙයාලා ඒකට අත පාටියේ සපෝට් එක ලැබෙනකම් බලා ඉන්නවලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00