2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

උන්නැහේ ගැන හෙළිදරව්වක් කරනවලු!

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 503

දකුණේ දිස්තිරික්කයක් නියෝජනේ කරන ආණ්ඩුවෙ ප්‍රධානම පක්ෂයට සම්බන්ධ ඇමැති සයිස් මහත්තයෙක් ගැන ලොකු හෙළිදරව්වක් කරන්න ඒකාබද්දෙ කස්ටිය සැරසෙන බව ආරංචියි...

මේ ඇමැති සයිස් මහත්තයා පසුගිය කාලෙ තමන්ගෙ පළාතෙ ජනතාවට දුන්න දීම ලේසිපහසු පුෙතකුට කරන්න බැරි බව හිටපු ලොකු තැනම සොයාගෙනලු...

කොළඹින් දකුණට ගිහිල්ල එහේ දේශපාලන කටයුතු කරන මුන්නැහේ කලක් රටේ ලොකුම තනතුරු හිමිවෙලා තිබුණ පවුලකට සම්බන්ධලු.

කොහොමහරි ඉදිරි මාසය දෙක තුළ උන්නැහේ ගැන සාක්කි ඇතිව ලොකු හෙළිදරව්වක් කරනවය කියලා ඒකාබද්දෙ රහසිගත රැස්වීමකදි තීන්දුවක් අරන්.

ඒ අනුව කළ යුතු වැඩ මොනවද කියලත් තීන්දු කළ බවයි ආරංචි.