2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

ඒක බම්පර් පන්දුවක්ලු

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 934

රටේ ලොකු මහත්තයා මිණිපුරේ රැස්වීමේදි පොහොට්ටු කස්ටියට ආරාධනාවක් කළා... එතන ඉන්න අයත් අරන් තමන් ළඟට ආවොත් නිල්පාට ආණ්ඩුවක් හදනවය කියලා....

ඡන්ද කටේ මෙහෙම කතාවක් කිව්වම ඒ ගැන මුලින්ම හොයලා බැලුවෙ හිටපු ලොකු මහත්තයලු.... එයා එදාම හැන්දෑවෙ මිණිපුරේ ඉන්න ජ්‍යෙෂ්ඨ ඇමැති සයිස් මහත්තයට කෝල් එකක් දුන්නලු.... දීලා මේ ආණ්ඩු හදන කතාවෙ සුලමුල විමසා බැලුවා කියලයි ආරංචි...

එතකොට මිණිපුරේ ලොක්කා මේ ආරාධනාවෙ පසුබිම කියල දුන්න බවත් එහෙන් මෙහෙන් කියවෙනවා.... අත පාටියෙ දැනට බෙදිලා ඉන්න දෙගොල්ල එකතු වුණාම 96ක් ඉන්න බවත් ඒ අනූ හය එක තැනක හිට ගන්නව නම් තවත් 20ක් තමන්ට සහය දෙන්න එන බවත් රටේ ලොකු තැනගෙ පැත්තෙන් කියැවෙන බවලු මිණිපුරේ ලොක්ක හිටපු ලොකු තැනට කිව්වෙ....

මේ කතාව කිව්වම මහ හඬින් හිනාවුණ හිටපු ලොකු තැන ඡන්දෙ කිට්ටු කරල ආයෙමත් බම්පරයක් දැම්ම නේද කියලා... දුරකතනය විසන්ධි කළාලු.