2018 ජනවාරි 13 වන සෙනසුරාදා

තනතුර ප්‍රශ්නයක්ලු

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 694

කොළඹ පැත්තෙ අවන්හලකදි අලි පාටියෙ පසුපෙළ මන්තිරි කස්ටිය හත් අට දෙනෙක් එකතුවෙලා පුංචි කතාබහක යෙදුණෙ බැඳුම්කරේ නිසා වෙච්ච ඩැමේජ් එක කන්ට්‍රෝල් කරගන්න විදියක් ගැන...

පක්ෂයේ උප මට්ටමේ පට්ටමක් දරන බැඳුංකරේට ගෑවිලා ආණ්ඩුවෙ ජොබ් එකත් නැති කරගත්ත උන්නැහේ කෙනෙක් ගැනයි මෙතන වැඩිපුරම කතාබහ වුණේ. උන්නැහේ පක්ෂයෙ දරන තනතුර නිසා ඡන්දෙදි පක්ෂයට හොඳක් සිද්ධවෙන්නෙ නැහැ කියලලු කියන්නෙ.

ඒ නිසා උන්නැහේ ගැන තීන්දුවක් ගන්න අලි පාටිය මොනවා හරි කළ යුතු හන්ද ඒ ගැන ඉහළ තැන් එක්ක කතා කරන්නත් තීන්දුවක් අරන්...

උන්නැහේ දැන් දරන උප මට්ටමේ තනතුරට සුදුසුකම් තියන මොණරාගල, නුවර වගේම කොළඹ පැත්තෙ කිහිපදෙනෙක්ගෙ නම් ගම් ගැනත් සඳහන් වුණා කියලා ආරංචියි.