2018 ජනවාරි 13 වන සෙනසුරාදා

අප්සෙට් අනාවැකියක්!

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 621

විපක්ෂයට සම්බන්ධ මේ රටේ ලොකුම දේශපාලන පවුලකට සම්බන්ධ නෝන කෙනකුයි තරුණ මහත්මයකුයි පසුගිය දවසක කොළඹ පළාතෙ ප්‍රකට දෛවඥයෙක් මුණගැහෙන්න ගියා කියලා ආරංචියි...

ඉතාම අප්‍රකටව මේ දෙන්නා ගියේ ආරූඪ බලයකින් නිවැරදිව අනාවැකි කියනවය කියන මේ දෛවඥයාගෙන් ඉතාමත් වැදගත් අනාවැකියක් දැනගන්නලු...

අපට දැනගන්න තියන හැටියට මේ දෙන්නා දෛවඥ තැනගෙන් අහලා තියෙන්නෙ සරල වගේ පෙනෙන බැරෑරුම් ප්‍රශ්නයක්. ඉස්සරහට එන මහ ඡන්දෙන් පස්සෙ රටේ ලොකු පුටුව යන්නෙ කාගෙ අතට ද කියන එකයි එයාලගෙ ප්‍රශ්නය... 

ඊටපස්සෙ දෛවඥයා ආරූඪයෙන් එයාට පෙනෙන්න තියන නායකයගෙ නම කිව්වලු...

ඒ නම කිව්වම මේ දෙන්න තමන්ගෙ මුහුණට මුහුණ බලාගත්තා කියලත් ආරංචියි. ඊටපස්සෙ දෙන්න සද්ද බද්ද නැතුව පිටත්වෙලා ගියාලු.

මේ අය කවුද? කිව්ව සාත්තරේ මොකද්ද කියලා කාටවත් නොහැඟෙන විදියට දැන් කස්ටිය ඉන්නවලු...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00