2018 ජනවාරි 13 වන සෙනසුරාදා

ප්‍රේමයෙන් හැදෙන සන්ධානයක්

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 565

මේ ඡන්ද ජරමරේ අස්සෙ දේශපාලන මඟුලක් සෙට්වෙලා කියල පහුගිය දවස්වල පොඩි ආරංචියක් ගියා. මේ මඟුල සෙට්වෙලා තියෙන්නෙ දේශපාලන පක්ෂ දෙකක නායක මට්ටමේ දෙන්නෙක්ගෙ දුවෙක් හා පුතෙක් අතරලු.

පක්ෂ දෙකම වතුකරේට සම්බන්ධයි කියලත් කියැවෙනවා... මේ ප්‍රේම කතාවට සම්බන්ධ තරුණයා නීතිඥයෙක්. එයාගෙ තාත්ත යහපාලනේ ඇමැතිකමක් කරන සහජීවනේට බර පොරක්. තරුණිය වතුකරේ එක්තරා පෙරමුණක නායිකාවකගෙ දුවක්. එයත් නීතිඥලු.

ඉතින් දෙන්නගෙ මේ සහජීවනේ නිසා අලුතෙන්ම වෙන්න යන්නෙ දැනට පක්ෂ දෙකක් හැටියට සටන් කරන කස්ටිය ඡන්දෙන් පස්සෙ එක පක්ෂයක් වෙන්න යන එකය කියල ආරංචියි. මේ දෙගොල්ල එකතුවෙන්න බලපෑ ප්‍රධාන හේතුව යෝජිත මංගල්ලය කියලයි තතු දත් අය කියන්නෙ. ඉතින් එහෙම වුණොත් ඔන්න වතුකරේ තවත් ලොකු බලවේගයක් හැදෙන්න පුළුවන්ලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00