2018 ජනවාරි 13 වන සෙනසුරාදා

කැන්සල් වූ ඉල්ලීම්

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 438

පසුගිය කාලෙ පක්ෂ මාරුවකට සැරසුණ මිනිපුරේ පැත්තෙ එක්තරා දේශපාලන මල්ලි කෙනෙක් ආණ්ඩුවෙ ප්‍රබල ඇමැති කෙනෙක් එක්ක ගිහිල්ලා පුටු පාටියෙ ලොකුම තැන මුණගැසුණලු...

එහෙම ගිහිල්ලා ආණ්ඩුවට සහාය පළකරන්න ඕන කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළා... පළමු ඉල්ලීම කුමක් හෝ ඇමැතිකමක්ලු... ඊළඟට දෙවැනි ඉල්ලීමකුත් දැම්මා... ඒකෙන් කියැවුණේ තමන්ගේ දේශපාලන අනාගතේට බලපාපු ප්‍රබල නීති ප්‍රශ්නයකින් ගොඩඒමට අතදෙන්න කියන එකයි...

මේ ඉල්ලීම් දෙකට සාවධානව කන්දුන්න මහපුටුවෙ ඉන්න උදවිය ඒ ගැන පළකළේ ඉතාම සීතල ප්‍රතිචාරයක්ලු. ඇමැති තනතුරු හදන්න වගේම නීතිමය හුටපටවලටත් තමන්ට මේ මොහොතේ අතදමන්න බැරි බව ඉහළම තැනින් කියැවිලා. ඊට පස්සෙ පක්ෂ මාරුවට සූදානමින් ගිය මල්ලි බොහොම කනස්සල්ලෙන් ඇමැති තැනත් එක්ක ගෙදර ගියා... ඊට පස්සේ වේදිකාවෙ ලොකු ප්‍රකාශයක් කරමින් කිව්වෙ තමන් හිරේ විලංගුවෙ වැටුණත් ආණ්ඩුවට නම් යන්නෙ නැහැ කියලලු...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00