2018 ජනවාරි 13 වන සෙනසුරාදා

මැජික් වැඩකට උපදෙසක්

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 429

ඡන්දෙ කාලෙට මොන ආණ්ඩුව තිබුණත් මැජික් වැඩකරන එක සාමාන්‍ය දෙයක්.

පාරවල්වලට මුල්ගල් තැබිලි, පාරවල් විවෘත කිරිලි, කෝච්චි පාරවල් හැදිලි, කෝච්චි දැමිලි වගේ නොයෙක් වැඩ මේ කාලවල්වල කෙරෙනව. පසුගිය දවසක ආණ්ඩුවෙ එක්තරා ජ්‍යෙෂ්ඨ ලොක්කෙක් තමන්ගෙ නිලධාරි පිරිසකට අපූරු උපදෙසක් දෙනව ඇහුණ... උන්නැහේ පුටු පාටියෙ ඉන්න නිර්මල දේශපාලනේ ගැන නම් දැරූ පොරක්...

මෙයා තමන්ගෙ නිලමෙලට පංගාර්තු කළේ දකුණු පළාතෙ අලුතෙන් හදාපු රේල් පාරක කෝච්චි දුවවන්න කියලලු... ඡන්දෙට කලින් දැනට හදල තියන පාරෙ ටික දුරක් හරි කෝච්චි දුවවමු යයි උන්නැහේ උපදෙස් දීලා... එහෙම කළොත් විවෘත කිරීමේ උත්සවේ එහෙම ලොකුවට ගන්න පුළුවන් කියලා වැඩිදුරටත් දන්වලා...

එතකොට වැඩේ භාර නිලමෙලා දැනුම්දුන්නෙ පාර ගොඩකරල තිබුණට තවමත් රේල් පීලි හයිකළේ නැති වගයි...

ඔන්න ඒ පාර දේශපාලන ලොක්ක ඒක කරන විදිය කියලා දුන්නලු...“දැනට පීලි හයිකරල ටිකදුරක් හරි කෝච්චි දුවවමු ඊට පස්සෙ ඒවා පැත්තකින් කියල ආයෙමත් පාර හදමු.” උන්නැහේ කිව්වා...

ඒක අහන් හිටපු නිලධාරි මාරැ උපදෙස සර් කියලා කතාව අනුමත කළා. 

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00