2018 ජනවාරි 06 වන සෙනසුරාදා

මහමැදුරේ වංකගිරිය

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 947

ආණ්ඩු ගණනක ඇමැතිකම් කරල මේ ආණ්ඩුවටත් සැට්වෙලා ඉන්න ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව... උන්නැහේට උඩරට පළාතෙ වගේම කොළඹ පැත්තෙත් මාලිගා වගේ ගෙවල් තුන හතරක්ම තියන කෙනෙක්...

ඉස්සර පොක්ස්වගන් කාර් එකෙන් කොළඹ ආපු මුන්නැහේ දැන් සෑහෙන යමක් කමක් තියන කෙනෙක්... බොහෝම ඉසුරුමත් විෂයක් භාරව ඉන්න. කට නිසා සෑහෙන වැඩ කරගත්ත මුන්නැහේ පක්ෂ ගණනාවක හිටපු පොරක් කීවොත් තවත් හරි...

ඉතින් මුන්නැහේ තමන්ගෙ පුත්‍ර රත්නයට දෙන්න උඩරට පළාතෙම ලොකු මන්දිරයක් හදල පසුගියදා විවෘත කළා... ඒ නිමිත්තෙන් පිංකමකුත් කළා කියමුකො... ඉතින් එදා පිරිත් කියන්න වැඩම කරපු හාමුරැනමකට වැසිකිළියාමේ වුවමනාවක් ඇතිවුණාම ගෙදර කෙනෙක් ඒ මැඳුරේ ඇතුළු ගැබක තියන වැසිකිළියකට යන්න පාර පෙන්නුවලු...

ඒත් හාමුදුරුවො තමන්ගේ කටයුත්ත ඉටුකරන් ආපසු වැඩම කරනකොට උන්වහන්සෙට තමන් මුලින් වැඩම කළ පාර සොයාගන්න බැරිවෙලා ඒකට හේතුව මේ මහා මන්දිරයේ විශාලත්වයලු.

මේ විදියට ඇමැති මැඳුරේ අතරමං වුණ හාමුදුරුවො බොහොම අමාරුවෙන් ඉහළ මහලක හිටපු කෙනෙකුට කතා කරලා පාර අහගෙන ආපසු වැඩම කළා කියල ආරංචියි. ඉතින් මෙහෙම තමන්ගෙ මැඳුර ඇතුළෙදි පාර හොයාගන්න බැරිවීමත් අපේ දේසපාලුතුමාගෙ ආඩම්බරේට කාරණයක් වුණා කියලා තතුදත් අය කියනවා.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00