2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ඒක කරන්න බැරිලු

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 962

රටේ ලොකු මහත්තයා ගැන සැර කතාවක් කරපු සුජීතුමා ගැන ආණ්ඩුවෙ අත පාටියෙන් අලි පාටියෙ ඉහළම තැන්වලට යෝජනාවක් ඇවිල්ලලු...

ඒකෙන් ඉල්ලා සිටියෙ මේ කොලොප්පම් කතාව කරපු සුජී ඇමැති පුටුවෙන් බස්සන්න කියලයි අපට ආරංචි... මේ කතාව අලි පාටියෙ මහගෙදරදිම කරපු නිසා වැඩේ බරපතළයි කියලත් අත පාටියෙ කස්ටිය අලි පාටියට දන්වලා...

ඒ වුණත් මේ ඉල්ලීමට අලි පාටියෙන් ලැබුණෙ බොහෝම සීතල ප්‍රතිචාරයක්ලු. තියන තත්ත්වෙ හැටියට “සුජී”ට මොකුත් කරන්න අමාරු බවයි අලි පාටියෙ ඉහළ තැන්වලින් කියැවිලා තියෙන්නෙ.

රටේ ලොකු මහත්තය විදේශ ගතවෙන්න කලින් මේ පණිවුඩය අලි පාටියෙන් උන්නැහේටත් ලැබිලා... රට ගමනට බිසීවෙලා හිටපු නිසා “හොඳයි අපි බලමු” කියල ලොකු මහත්තය රට ගියා... දැන් රට ගමන හමාර කරලා ආපසු ඇවිත්. ඉතින් යන්න කලින් සුජී ගැන තමන් කරපු ඉල්ලීමට හොඳ ප්‍රතිචාරයක් නැත්නම් කළ යුතු දේ ගැන තීන්දුවක් ගන්න ඉහළම උපදේශකයො එක්ක කතාවක් පටන් අරන්ලු. ඒකෙ ප්‍රතිඵල හෙට අනිද්දට පෙනේවි කියලා මහ මන්දිරේ බලවත් නිලමෙල කියනවා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00