2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

මහ මැඳුරට ගෙනා පණිවුඩය

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 677

මේ රටේ පුරවැසි බලය තර කරන්නත් සාධාරණ සමාජයක් හදන්නත් පෙනී සිටින මහත්තුරු තුන්දෙනෙක් පසුගියදාක රටේ ලොකු මහත්තයා මුණගැහෙන්න ආවා...

මුන්නැහේලා ලොකු මහත්තය හම්බවුණේ ලොකුම ඉල්ලීමකුත් අරගෙනලු...

බැඳුංකර කොමිසමේ වාර්තාව එළියට ආවට පස්සෙ රටේ ලොකු මහත්තය ගන්න යනවය කියන එක්තරා පෙරුළිකාර තීන්දුවක් ගන්න එපා කියන්නලු මේ තුන්කට්ටුව ආයාචනා කළේ.

ප්‍රශ්න තිබුණත් යහපාලනේ ජනප්‍රියයි කියල කියපු මහත්තුරු තුන්දෙනා සැර තීන්දුවකින් යහපාලනේ අනතුරට වැටෙන්න පුළුවන් කියලත් පෙන්වාදීලලු...

මේ අයගෙ ඉල්ලීමට වැඩි ප්‍රතිචාරයකින් තොරව කන්දුන්න ලොකු මහත්තය නිශ්ශබ්දවම රැස්වීම ඉවර කළාලු...
ලොකු මහත්තයගෙ සීතල ප්‍රතිචාරයෙන් පස්සෙ “ගොඩ-ප්‍රිය-සූරිය”... තුන්දෙනා නිහඬවම පිටවෙලා ගියා කියල තතු දත් අය කියනවා.