2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

තෙල්ගෙන් මල්ට හෙළිදරව්වක්

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 617

තෙල් ඇමැතිතුමාගෙන් මල් මන්ත්‍රීතුමාට කෝල් එකක් ආවා. මල් - තෙල් කිව්වට මේ දෙන්න දෙපැත්තෙ කාලයක් හිටියෙ නයාට අඳුකොළ වගෙයි...

“මල්” මන්තිරිතුමා විපක්ෂයේ පක්ෂ නායකයෙක්. පංචායුදේ කරේදාගෙනයි ඉන්නෙ. කවදාවත් නැතුව “තෙල්” මහත්තයා තමන්ට කතා කරන්නෙ ඇයි කියල “මල්” මන්තිරි බැලුවා... ඕන් එකපාරටම උන්නැහේ මල්ට ස්තුතියි කියමින් කතාව පටන් ගත්තා.
තෙල් අර්බුදේ නිසා තමන් මුහුණ දීල තියන ඇත්ත ප්‍රශ්නය රටට කිව්වෙ විපක්ෂය මල් මන්තිරිතුමා විතරයි කියලයි ඇමැති තැන කිව්වෙ... ස්තුතිය දුන්නෙ ඒකටයි. ඊට පස්සෙයි හරි කතාව ආවෙ... අල්ලපු රටේ තෙල් සමාගමෙන් ගෙනාපු බාල තෙල් නැව හරවලා යැව්වම ඒක ආපසු ගන්න කියල තෙල් මහත්තයට බලපෑම් කරපු දේසපාලු කස්ටියත් ඉන්නවලු. ඒ අය කව්ද කියලා තෙල් මල්ට කියලා. ළඟදිම මෙයාලා කව්ද කියලා හෙළිදරව් වේවි කියලා මල් මන්තිරිගෙ පැත්තෙ කස්ටිය කියනවා. කොහොම නමුත් ඇමැතිකම් දෙකක් කරන පුටු පිටියෙ දෙන්නෙක්ගෙ නම් මේකට ඈඳිලා කියලා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00