2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

ආරාධනාවේ ප්‍රශ්නය

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 458

පසුගියදාක ශ්‍රී ලංකාවට හුඟක් උදව් කරන “රතු රටක” ජාතික දිනේ බණ්ඩාරනායක සමරු හලේ තිබුණ.

මේ සමරුවට රටේ ලොකු මහත්තයටයි හිටපු ලොකු මහත්තයටයි දෙන්නටම රතු රටේ තානාපති තැන ආරාධනා කළා. රාත්‍රී 7.00ට උත්සවය තියන්නයි සැලසුම් කළේ. එහෙම තියෙද්දි එකපාරටම හිටපු ලොකු තැන අමතපු ඒ තානාපති අංශය උත්සවයට නියමිත රාත්‍රී 7.00ටම එතැනට එන්නෙ නැතුව ටිකක් පමාවෙලා එන්න පුළුවන්ද කියල ඉල්ලීමක් කළා. හිටපු ලොකු තැන ඒකට හේතුව ඇහුවම දැන් ඉන්න ලොකු මහත්තය ගියාම ආවොත් නේද හොඳ කියලා තානාපති අංසෙන් උත්තර ලැබුණා.

ඒ අනුව හිටපු ලොකු තැන තමන්ගෙ වෙලාව ප්‍රමාද කරල යන්න තීන්දු කළා. ඒ අතරෙ තානාපති අංශ රටේ ලොකු මහත්තය එනකම් බලා හිටිය... ඒත් උන්නැහේ ආවෙ නැතිලු...

තානාපති අංසෙ කලබල වෙලා මේ ගැන හොයන කොට දැනගන්න ලැබුණෙ හිටපු ලොකු තැනයි අලුත් ලොකු තැනයි දෙන්නම එකම උත්සවේ ආරාධිතයො වෙන්න ඕන නැති නිසා රටේ ලොකු මහත්තය නොපැමිණි බවයි...