2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

මහ ඇමැතිගෙ ඉල්ලීම

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 637

නිල කාලය ඉවර වෙන්න යන ඈත දුෂ්කර පළාතක මහ ඇමැති මට්ටමේ මහත්තයෙක් රටේ ලොකු මහත්තයා ඇමතුවා.

ඒ ඇමතුම ගත්තෙ බොහොම කනස්සල්ලෙන් දුකෙන්. මොකද මේ මාසෙ එයාලගෙ පළාතෙ නිල කාලය ඉවර වුණාම උන්නැහේගෙ සේරම තටු කැපෙනවා. නිලය,
බලය, සම්පත් සේරෝම ආණ්ඩුකාර පාලනේට භාරදෙන්නයි වෙන්නෙ. 

ඉතින් මේ වෙන්න යන සන්තෑසියෙන් තමන් ගොඩගන්න කියල ඉල්ලන්න ලොකු මහත්තයා අමතපු මහ ඇමැති තැන කතා කළේ හරිම ආවේගයෙන්ලු. කතාව මැදදි එයාට ඇඬුම් ආවා කියලත් සමහරු කියනවා.

අන්තිමේ කතාව අහන් හිටපු ලොකු මහත්තයගෙන් තමන්ගෙ බලය රැකල දෙන්න කියලා බරපතළ ඉල්ලීමකුත් කළා කියනවා... ඒ පාර මොකද්ද කෙරෙන්න ඕන කියල ලොකු මහත්තය ඇහුවම එයාට බලය ලැබෙන්න නම් පළාත් ආණ්ඩුකාරකම වගේ දෙයක් දෙන්න කියල ඉල්ලුවලු. 

ඒත් ඒ ඉල්ලීම ලොකු මහත්තයගෙ පැත්තෙන් ප්‍රතික්ෂේප කරලා... ඊට පස්සෙ හුඟක් දුකට පත්වුණ මහ ඇමැති තැන “දියවන්නාවටත් යන්න තිබුණ මම එහේ නොගිහින් මහ ඇමැතිකම ගත්ත. ඒකෙන් වුණේ යන්න තිබුණ පාරත් වැහුණ එකයි” කියල දුරකතනය තියල රජරට පළාතට යන්න ගියාලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00