2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

තීන්දුව ගත්ත හැටි

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 613

විදේස කටයුතු භාර “හිරු” උන්නැහේ අන්තිම මොහොත දක්වාම පට්ටම රැකගන්න ලොකු සටනක් දුන්නා... රටේ ඉහළම පුටුවල ඉන්න අයත් තමන් ගෙ අලි පාටියෙ ඉහළම ඉන්න අයත් “හිරු”ට කිව්වෙ තමන්ගෙ ඇමැති පට්ටමෙන් වත් ඉක්මනට යන්න කියලයි...

ඒත් එයා ඒකට අන්තිම මොහොත වෙනකම්ම කිව්වෙ “බෑ” කියලයි... ඒ අස්සෙ තමන්ගෙ පෞද්ගලික හිතවතුන් ගෙදරට කැඳවලත් තමා තවදුරටත් පට්ටම දරන බව කිව්වා...

මේ කතාව ආණ්ඩුවෙ ඉහළම තැන්වලටත් දැනගන්න ලැබුණා කියමුකො... ඊළඟට රටේ ඉහළම මන්දිරේක ඉන්න “හිරු” උන්නැහේ හොඳින් දන්න කියන තරුණ නෝන කෙනෙක් %හිරැ^ලගෙ ගෙදරට ආවෙ රටේ ලොකුම පුටුවක් දරන කෙනෙකුගෙ පණිවුඩේකුත් අරගෙන ඒ පණිවුඩයෙන් කෙරුණෙ අනතුරැ ඇඟවීමක්ලු.

“ඔබ තවදුරටත් විවිධ කතා කියමින් මේ තනතුරේ සිටීමෙන් සිදුවන්නේ ආණ්ඩුව අමාරුවේ වැටීමයි. ඒ නිසා අහවල් දිනට පෙර (දිනය කියයි) ඉවත් නොවුණොත් ඉවත් කරන්න සිද්ධවෙනවා...” යන්න මෙම පණිවුඩයේ සඳහන් විය. අනතුරුව “හිරු”ගේ පවුලේ අය සමඟ කළ සාකච්ඡාවකින් පසුව දියවන්නාවේදි විශේෂ ප්‍රකාශයක් කර පට්ටම් අතාරින්න තීන්දු කළාලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00