2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

බැඳුංකරේ අලුත් ජවනිකාවක් ලෑස්තිලු

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1144

ලොකුම බැංකුවෙ බැඳුංකර ගනුදෙනුව සිද්ධ වෙච්ච දවසෙ රඟ දැක්වුණ නාට්‍යයෙ තව තව කොටස් ළඟදීම එළියට එන්නලු යන්නෙ... තමන්ගෙ දේශපාලන ගමනට වළ කැපුවය කියල “හිරු”ල හිතන කෙනෙක් මේ ගනුදෙනුව දා කළ කී දෑ අඩංගු ලොකු හෙළිදරව්වක් ඒ අනුව සිද්ධ වෙනව කියලයි ආරංචි... 

මේ හෙළිදරව්ව කෙරෙන්නෙ පින්තූර සහ විඩියෝ ඡායාරෑපත් එක්ක කියල සමහරු කියනවා... ඒත් ඒ පින්තූර මොනවද කියලා උන්නැහේල කියන්නෙ නැහැ...

කොහොමහරි ආණ්ඩුවෙ ඉන්න නොයෙක් “වික්‍රම” යන්ට සම්බන්ධ කෙරුම්කාරයෙක් ගැනලු මේ හෙළිදරව්ව කෙරෙන්නෙ... එච්චර විතරක් නෙවේ එයා කරපු තවත් ගනුදෙනු දෙකක් ගැනත් කතා පොතක්ම එළියට එන්න දඟලනව කියල “හිරු” කණ්ඩායම හැමතැනම කියනවා... ඒ හුඟක් ඒව චීන කතා කියලත් කියනවා ඇහුණා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00