2017 ජුලි 15 වන සෙනසුරාදා

ඔත්තු බැලිල්ලක්

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 998

ආණ්ඩුවෙ දහඅට දෙනාගෙ කල්ලිය පසුගියදා රහසිගත හමුවක් ලෑස්ති කළා... ඒක පැවැත් වුණේ රාජගිරිය පැත්තෙ සුපිරි අවන්හලක වී.අයි.පී. කාමරේ. මේක තියන්න නියමිත දවසෙ හවස හමුවට යන්න සූදානමින් හිටපු ගම්පහ පැත්තෙ විජයසේකර උන්නැහේ කෙනෙක් ආණ්ඩුවෙ කන්තෝරුවක ඉඳන් හමුව සංවිධානය කරපු ටී.බී. කෙනකුට කෝල් එකක් ගත්තලු රැස්වීම තියන්නෙ කොතනද කීයටද කියලා...

ඒ අහළ පහළ එයාගෙ දිස්තිරික්කෙම තවත් උප ඇමැති සයිස් මහත්තයෙක් ඉඳලා. උන්නැහේ ආණ්ඩුවෙ ඉහළටම හුඟක් කිට්ටු අලගිය මුලගිය  තැන්දන්න කෙනෙක්... මේ ඇමතුම ගැන සැක කරපු අලගිය - මුලගිය තැන් දන්න කෙනා වහාම කතාව ඉහළට වාර්තා කළා.

සිද්ධ වුණේ එච්චරයි. ඒත් සවස කතා කරගත්ත කස්ටිය රාජගිරියෙ අවන්හලට එනකොට හතර වටේට ආරක්ෂක දැලක් එළලලු. යන්නෙ කව්ද - එන්නෙ කව්ද - කෑවෙ මොනවද - බිව්වෙ මොනවද බුලත් කන එක්කෙනාද මේක සංවිධානෙ කළේ වගේ දහසකුත් එකක් කාරණා කාරණා හොයාගන්නලු මේ ආරක්ෂක දැල දාලා තිබුණේ...

ඒ බව කල්තියා දැනගත්ත සමහරැ බයටම හැරිලා ගියාලු. නමුත් බය නැති අය සුපුරැදු විදියට ආවලු... ඇමැති සයිස් දෙතුන් දෙනෙකුත් ඉඳලා.

කොහොමහරි ආපු කස්ටිය තමන්ගෙ අනාගතේ ගැන ඇඟ රත්කරගෙන තීන්දු ගණනාවක් ගත්තා කියලා කියනවා.