2017 ජුලි 15 වන සෙනසුරාදා

සුපිරි වැඩක්

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 437

රටේ ලොකුම දේශපාලන පවුලකට සම්බන්ධ කෙනෙක් දකුණු වෙරළ තීරයෙ සුන්දරම පළාතක දකුණෙ ලොකුම හෝටලේ හදන්න පටන් අරන්ලු.

අක්කර විශාල ගණනක ඉඩමෙ හැදෙන හෝටලේ කාමර ගණන 250 කටත් වැඩි කියලයි ආරංචි. වියදම ඩොලර් මිලියන් පහළොවක් විස්සක් විතර කියලත් කාරණා කාරණා දන්න අය කියනව. ආහාරවලට සම්බන්ධ වෙනත් ව්‍යාපාරයක් සුළුවට පටන් අරන් මහ ලොකු තත්ත්වයට පත්කරගත්ත උන්නැහේ දැන් හෝටල් ජාලයක හිමිකරුවෙක්ලු. 

ආණ්ඩුවෙ ඉහළටම සම්බන්ධ වුණාට මේ ව්‍යාපාර තමන්ගෙ හයියෙන් මිසක් කාගෙවත් උදව්වෙන් කරන ඒව නෙවෙයි කියලයි මේ රටේ හිටපු නායකයකුගෙ නමකින් හැඳින්වෙන මේ ව්‍යාපාරික භවතා කියන්නෙ.