2017 ජුලි 15 වන සෙනසුරාදා

පාසලේ කුණු ගෙදරට

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 311

කොළඹ කුණු ප්‍රශ්නය පුපුරන්න කිට්ටු අර්බුදයක් බවට පත්වෙලා... කොළඹ අවට තියන සුපිරි පාසල්වලට අර්බුදේ බලපෑම උග්‍රයි කියල ආරංචියි...

ඒ ගමන බොරැල්ල කිට්ටුව තියන ලොකු ඉස්කෝලෙකින් මේ අර්බුදයට විසඳුමක් සොයාගත්තය කියලා කතාවක් ගියා.

ඒ අනුව දිනපතා පාසලේ පන්ති කාමරවල එකතුවෙන කුණු පන්ති නාම ලේඛනයේ නම් තියෙන පිළිවෙළට ඒ ඒ ළමයි දිනපතා ගෙදර ගෙනියන්න ඕන කියල නියෝගයක් ලැබිලා...

මේ නියෝගයට අවනතවූ ළමයි දැන් හවසට ඉස්කෝලෙ ඇරිලා යනකොට කුණු බෑග් එකකුත් අරන් ගෙදර යනවලු. පාසල් බස්වල - පාසල් වෑන්වල තමන්ගෙ කුණු බෑග් එකත් පටවගෙන යන්න ගියාම හරි හරි ප්‍රශ්න ඇතිවෙලාලු. ඒත් ඉතින් ලැබුණ නියෝගය නිසා දරුවො වැඩේ කරනවා කියලයි දැනගන්න තියෙන්නෙ... ඒත් සමහර මව්පියො කියන්නෙ ඉස්කෝලෙ ප්‍රශ්නෙ නම් විසඳුණා ඒත් දැන් ප්‍රශ්නෙ ගෙදරටයි කියලලු...

සමහර දැනඋගත් මහත්තුරැ කුණු ප්‍රශ්නය විසඳන්න දාපු මේ පැලැස්තර විසඳුමෙන් රටේ කුණු ප්‍රශ්නය නම් විසඳෙන පාටක් නැහැ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00