2017 ජුලි 08 වන සෙනසුරාදා

සුළු අවවාදයක්

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 521

ලෝකෙම ධනවත් රටේ තානාපති තැන අපේ රටේ ඉන්න කටකාර ප්‍රකාශක මට්ටමේ ඇමැති කෙනෙක් හම්බවුණා.

හැබැයි උන්නැහේ අත පාටියෙ පොරක්... එන්නෙ ඌව පැත්තෙන්. ඉතින් මේ දෙන්න හම්බුවෙලා සුහද පිළිසඳරක යෙදෙනකොට තානාපති තැන අපේ ප්‍රකාශක ඇමැතිතුමාට වහෙන් ඔරෝ භාෂාවෙන් පොඩි අවවාදයක් දුන්නලු. ඒක ඇමැතිතුමාට දුන්න අවවාදයක් නොවේ ආණ්ඩුවට දුන්න අවවාදයක් කියලයි තතුදත් අය කියන්නෙ.

තානාපති තැන කියල තියෙන්නෙ මෙහෙමයි. ඇමැතිතුමා දැන් ඔයාල අහවල් රතු රටට කිට්ටුවෙන ප්‍රමාණය හොඳටම වැඩියි... එයාල එක්ක ඉන්න ඕන අතේ දුරින්... අපි මේක කලිනුත් ආණ්ඩුවට කිව්ව... ඒත් අහන පාටක් නැහැ. හැබැයි මේක මේ විදිහටම ගියොත් අපිටත් සිද්ධවෙනව යමක් කොරන්න. අල්ලපු වත්තෙ ලොකු අයියත් මේ ගැන හොඳට ඇහැගහගෙනයි ඉන්නෙ. ඒක නිසා පරෙස්සමෙන්... තානපති තැන තමන්ගෙ දැනුම්දීම ඒ විදියට කළාම, හොඳයි අපි බලන්නම් කියල උත්තර දුන්න ඇමැති තැන ඕක මට වගේම අහවලාටත් කිව්වොත් හොඳයි කියල අලි පාටියෙ කෙරැමෙක්ගෙ නමකුත් කිව්වලු.