2017 මැයි 13 වන සෙනසුරාදා

අලින්ට වුණේ මොකද?

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 616

මේක අලි කතාවක් මේ අලි කතාව කිව්වෙ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි මේ රටේ රජපුටුවෙ හිටපු කෙනෙක්.
පහුගියදාක දියවන්නාවෙ හෝටලේක තිබුණු පළතත් භාර ලොකු ඇමැති කෙනෙක්ගෙ මගුල් ගෙදර මගුල් මේසෙදි තමයි කතාව ඇදුණෙ.

අලි පාටියෙයි - පුටු පාටියෙයි - අත පාටියෙයි කවුන්සිල් මහත්තුරැ විතරක් නෙවේ රටේ ලොකු මහත්තය පවා එතැන උන්නයි කියලයි අපට ආරංචි...

මාතෘකාව පටන් ගත්තෙ දේසපාලන අලින් ගෙන්වුණත් කතාව ඉබේම ඇත්ත අලින්ගෙ පැත්තට මාරුවුණා. දැන් රටේ අලි බෝවෙන්නෙ නැති නිසා අලින්ගෙ ගණන තුන්හාරදාහට අඩුවෙලයි කියපු කලක් රටේ මහ පුටුව හොබවපු කෙනා ඒකට හේතුවක් කිව්ව කතාව තරමක් නිල් වුණත් එකේ පොඩි සුන්දරත්වයකුත් නැත්තෙම නැහැ...

ඇත්තටම අලි බෝවෙන්නෙ නැත්තෙ ඇයි? කියල මෙතන හිටපු කෙනෙක් නැවත නැවතත් හාරා අවුස්සනකොට ලැබුණ උත්තරේ මේ වගෙයි... “අලි තමන්ගෙ වර්ගයා බෝකරන වැඩේ වැඩිපුරම කරන්නෙ වතුරෙ ඉඳගෙන... ඒත් දැන් ඒවට හරියන ජලාශත් නැහැ... අලින්ගෙයි ඇතින්නියන්ගෙ උස මහතත් ඒකට ප්‍රශ්නයක් වෙලා... ඉතින් මේවට පිළියම් තියනව... ඒවා කරන්න ඕන උදවිය... වැඩේ හරියට නොකර පිස්සු කෙළිනව... ඒකයි අලින්ට මෙහෙම වුණේ...

හිටපු ලොකු එක්කෙනා තමන්ගෙ හෙළිදරව්ව කම්මුතු කළා... කතාව අහන් හිටපු අයට සියුම් හිනාවක් ගියා