2017 මැයි 13 වන සෙනසුරාදා

දොළොස් දෙනකුට තටු ලැබෙනවලු

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 477

ගැටඹේ තිබුණ මැයි දිනේට වැඩියෙන්ම සෙනඟ ගෙනාපු අය ගැන රටේ ලොකු මහත්තයත් ඒ පාටියෙ ලොකු ලොක්කොත් පොඩි සමීක්ෂණයක් කළාලු.

මේ සමීක්ෂණේ හැටියට සෙනග ගේන්න භාරගත්ත සමහරු වැඩේ හරියට නොකර කර ඇරිය කියලයි කතාව යන්නෙ...

ලොකු ලොක්කො කරපු ගණන් බැලීමෙ හැටියට ගැටඹෙට පොරොන්දු වුණා වගේ සෙනග ගෙනාව 12 දෙනෙක් විතරලු. ඒ කස්ටිය කවුද කොහේද කියන එකත් ලොකු මහත්තය දන්නව කියලයි තතු දත් අය කියන්නෙ...
වගකීම් භාරගත්ත අය වැඩේ හරියටම කළා නම් නුවරත් ගෝල්ෆේස් වෙනව කියලත් සමහරු කියනවලු.
කොහොමින් කොහොම හරි වගකීම් ඉටුකරපු 12 දෙනාට අලුතෙන් තටු ලැබෙන්න යන බවටත් ආරංචියක් පැතිරෙනවා.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00