2017 මැයි 13 වන සෙනසුරාදා

ලේකම් පුටුව කාටද?

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 453

රටේ ආරස්සාව භාර ඇමැති අංසෙ ලේකම් පුටුව හිස්වෙන්නයි යන්නෙ... ගිය ආණ්ඩුව කාලෙ ගෝඨතුමා කරපු මේ බලවත් තනතුරට හුඟක් අය ඇහැගහගෙන හිටියත් විෂය භාර රටේ ලොකු මහත්තය ඒකට දෙතුන් දෙනෙක්ගෙ නම් සලකා බලමින් ඉන්නව කියලයි තතු දත් අය කියන්නෙ.

ලොකු මහත්තයගෙ ලැයිස්තුවෙ උඩින්ම ඉන්නෙ ආණ්ඩුවෙ ලොකුම බැංකුවක මහ පුටුවෙ ඉන්න කලකට පෙර මැතිණියගෙ ලේකම්කම කරපු මහත්තයකුගෙ නමලු...

ඊළඟට ළඟදි විශ්‍රාම යන්න ඉන්න නීතිපති අංසෙ වෛද්‍ය තුමෙකුත් ඉන්නවලු. තුන්වැනි එක්කෙනා කලකට පෙර පුත්තලං පැත්තෙ දිසාපතිකම් කොරපු දැන් රටේ මහ කන්තෝරුවෙ අතිරේක පට්ටමක් දරන මහත්තයෙක්ලු...
ඉතින් තවත් සතියකින් දෙකකින් හිස්වන ලේකම් පුටුවට බැංකු ලොක්ක පත්කරන්න කෙරෙන කතාවෙදි උන්නැහේ දැන් කරන රස්සාවට වැඩි මනාපයක් දැක්වීම නිසා ප්‍රශ්නෙ තවමත් ඇදි ඇදී යනව කියලයි කියන්නෙ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00