2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

සහෝදර කැක්කුම

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 910

පංචායුද පක්ෂයේ පිරිසට දැන් ඒකේ නායකතුමා නිසා හතරවටින් කට්ටිය ගහනවලු. මේ ළඟදී තිබ්බ පොහොට්ටු ලොක්කන්ගෙ රැස්වීමකදී පංචායුද කුමාරයට ගම්පහ ලොකුම ඇමති බැන්නලු. ඒ පොහොට්ටු පක්ෂයේ නායකය තෝරන්නයි අනිත් වැඩවලටයි හොටදාන්න අයිතියක් එයාට නෑ කියලා. මේකට එයාගේ හොඳම සහායක වෙච්ච මීගමුවේ හාදයත් එකතු වුණාලු. හැබැයි මේ දෙන්නට කතා කරන්න දුන්නෙම නැතිලු. රත්තපුරේ වාමාංශික සහෝදරයා. එයා හැමවෙලේම පංචායුදට බණින්න එපා කියලා කියනවලු.

මේක ඉවසගෙන හිටියලු ගම්පහ ලොකු ඇමැති තැනයි එයාගේ සගයයි, හතරවැනි වතාවේ ආයේ ඒ කතාව කියන්න ගියාම සහෝදරයා ආයේ නැගිටලා බණ දෙසන්න ගියා. මේකට මල පැනපු ගම්පහ දෙන්නා පැන්නලු සහෝදරයාගේ ඇඟට. පැනලා මෙහෙම කිව්වලු.

“ඔබතුමාටත් වැඩක් නෑ මේ ප්‍රශ්නය. මොකද මේ අපේ පක්ෂයේ ප්‍රශ්නයක්. ඔබතුමාලගේ පක්ෂයේ ප්‍රශ්නයක් නෙමෙයි” කියල ඒත් එක්කම වැස්ස වැහැල පෑව්ව වගේ ගෝෂාව ඉවරවුණාලු.