2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

අලුත් මුහුණක් සෙවීම

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 603

අත පාටියෙ කස්ටියගෙ යටගිය කතාවක් ආයෙමත් මතුවෙලා. ඒ කතාව හදිස්සියෙම මතුවුණේ පාස්කු කොමිසමේ වාර්තාවෙන් පක්ෂයේ ලොකුම තැනට ලොකු ප්‍රහාරයක් එල්ලවීමත් සමඟයි.

පක්ෂය ඉස්සරහට ගෙනයන්න නම් දැන් මේ ලොකු පුටුවට අලුත් චරිතයක් ගේන්න ඕන කියන එකයි කතාව... මේ කතාව පසුගියදා ඇදුනෙ ඒ පාටියෙ මුල් පෙළේ තරුණ කස්ටිය දෙතුන් දෙනෙක් එකතුවෙලා කරපු කතාබහකදී... එතැනදී මහ පුටුවට විකල්පය ලෙස යෝජනා වුණේ බොහොම ‘දයාබර’ නමක් බවත් කියවෙනව.

මහින්ද උන්නැහේගෙන් පක්ෂය භාරගත්ත දවසෙ ඉඳල පක්ෂය අගාධයට ගිය බවත් මෙතැනදී කතාවෙලා දැන්ම මේකට මොනව හරි නොකළොත් පක්ෂයෙන් භාගයක් පොහොට්ටුවට යාවි කියල දෙතුන් දෙනෙක්ම පෙන්වා දුන්නලු. දැනටමත් හිටපු ලොකු තැනගෙ එක්තරා රජරට පළාතෙ ගෝලයෙක් පොහොට්ටුවට පනින්න වෙලාවල් පවා බලපු බවකුත් හෙළිවෙලා.

මේ නිසා අත බේරාගන්න නම් අලුත් මුහුණක් අවශ්‍යම බවට තීන්දුවක් අරන්ලු... මේ කතාබහට දියවන්නාවෙ ඉන්න අත පාටියෙ හතර පස් දෙනෙක් ඉඳල. ඒත් කැබිනට් දෙන්නයි රාජ්‍ය ඇමැති සයිස් බහුතරයකුයි නම් ඒකට ඇවිල්ල නැතිලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00