2021 ජනවාරි 09 වන සෙනසුරාදා

ව්‍යවස්ථා අවුලක්!

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 607

දුරකථන පාටියේ කට්ටිය මේ දවස්වල ලොකු අවුලක්ලු. ඒ ව්‍යවස්ථාව අර්බුදයක් කියලයි ආරංචිය. මේ අර්බුදයට හේතුව පක්ෂයේ සාමාජිකයන්ට ව්‍යවස්ථා තුනක් තැපෑලෙන් ලැබිලා තියෙන එකලු. එකකට එකක් වෙනස් මේ ව්‍යවස්ථා තුනෙන් හරි එක මොකක්ද කියලා තවම කට්ටියට හොයාගන්න බෑලු.

කොහොම වුණත් පක්ෂයට අලුතෙන් එකතු වෙන්න හදපු ලොකු තුන් හතර දෙනකුත් මේ අවුල නිසා දැන් වැඩේ අත්ඇරලලු. මොකද තවම හරි ව්‍යවස්ථාවක් හදාගන්න බැරිවෙලා හින්දා. දැන් කොහොම හරි මේ ව්‍යවස්ථා තුනේ අර්බුදය ළඟදිම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කිහිප දෙනෙක් ප්‍රශ්න කරන්නලු යන්නේ නායක තැනගෙන්. එහෙම අහලා උත්තරයක් නැත්තම් තීරණයක් ගන්නවා කියලයි ආරංචිය. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00