2021 ජනවාරි 09 වන සෙනසුරාදා

මනාල මනාලියන්ගේ පැමිණිල්ල

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 759

වයඹ අගනගරෙ ලස්සන වෙන්නෙ නගරය කොනේ තිබෙන අලංකාර වැව නිසයි.. ඒ වැවේ තියෙන සුන්දරත්වය නිසාම ඇවිදින මංතීරු ලස්සනට හදලා ව්‍යායාමෙටත් පහසුකම් සලස්වලා තිබෙනවා...

හුඟක් තැන්වලට වඩා මේ ඉසව්වෙ පරිසරය ඉතාම සුන්දර නිසා මෙතන අපූරු වැඩක් සිද්ධ වෙනවා.

නගරෙ කිට්ටුව පාත සිද්ධවෙන විවාහ මංගල්‍යවලදි මේ සුන්දර පරිසරය වෙත එන මනාල ජෝඩු තමන්ගෙ ජීවිතේ වැදගත්ම අවස්ථාව ඡායාරූපගත කරන දර්ශනය එහේ හරිම සුලභයි...

ඕනම කෙනකුට කිසිම භේදයකින් තොරව ඇවිල්ලා මේ ස්ථානෙ තමන්ගෙ මංගල ඡායාරූපෙ ගන්න ඉඩකඩ තිබෙනවා...

හැබැයි මෑතක ඉඳල ඒකට එක්තරා සභාවකින් උදැල්ල දාලා කියලා පළාතෙ ජනතාව මැසිවිලි නගනවා...

ඒ අනුව මඟුල් ජෝඩුවක් වැව අයිනෙ ඡායාරූප ගත්තොත් ඒකට මුදලින් බිලක් ගෙවන්න නියම කරලා.

ඒක අයකරන අය එතන උදේ ඉඳලම බලා ඉන්නවා. පළාතෙ මිනිස්සුන්ට මේකට මල පැනලා ඉන්නෙ...

රටේ දෙවැනි මහත්තයත් තමන්ගෙ ආසනේට ආවම ව්‍යායාමෙට ඇවිදින මේ මංතීරුවෙ පින්තූර ගන්න අයට කරපු අරෝව ඉතාම අසාධාරණ බව පළාතෙ අය කියනවා...

මේක ඒ පළාතෙ එක්තරා සභාවක ඉන්න තමන්ම වන්දනීයයි කියන අධිපති කෙනෙක්ගෙ වැඩක් කියලා කරණා දන්න අය හොයාගෙනලු. එයාලා දැන් මේ ගැන ඉහළට පැමිණිලි කරන්නලු යන්නෙ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00