2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

සටන කල් දමයි

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 661

දකුණු පළාතෙ ඉතාම ප්‍රකට සුප්‍රකට දේවාලයකට බස්නායක නිලමේ තෝරාගැනීමේ ඡන්දයක් තියන්න දින නියම වුණා. දකුණු තුඩුව කිට්ටුව තිබෙන නිල්පාටින් බැබලෙන බොහෝම අනුහස් ඇති මේ පුදබිම සඳහා ඉක්මනින් නිලමේ කෙනෙක් පත් කරන්න කියල රජයෙන් ඉල්ලුවෙ පළාතෙ ඉන්න දේශපාලන ලොක්කලු.

ඒ අනුව ඡන්දෙට දින නියම වුණා. පළාතෙ දේශපාලන ලොක්කගෙ කෙනෙක් මේ සටනට ඉදිරිපත් වෙන බවට ලොකු රාවයක් ගියා...

ඒක එහෙම තියෙද්දී ඒ පළාතෙම දේශපාලනයේ සිටින තවත් ප්‍රබල තරුණ චරිතයක අනුග්‍රහයෙන් ඉහළ පෙළේ ව්‍යාපාරික පවුලක කෙනෙකුත් සටනට බැස්සලු...

ඒ සමඟ හැමතැනම වෙනව වගේ සල්ලිත් හුවමාරු වෙන බවට ආරංචි පැතිරුණා. ඡන්ද හිමි ගමේ මුලාදෑනින්ට ලොකු ලොකු තෑගි සූදානම් කියලත් කතාවක් ගියා. මේ සටන මේ විදියට උග්‍ර වුණේ පසුගිය මහ මැතිවරණ කාලෙ ඉඳල තිබෙන මහ මනාප සටනක් නිසාලු. ඒ නිසා මේ පළාතෙ ලොකු කල්ලිවාදයක් ආණ්ඩුවෙ කස්ටිය අතරම ඇතිවෙලාලු.

කොහොම හරි නිලමේ ඡන්දෙ තියන්න කලින් දවසෙ මේ තත්ත්වය උග්‍ර නිසා බුද්ධ සාසනේ භාරව ඉන්න රටේ දෙවැනි මහත්තයගෙන් පළාතෙ දේශපාලන ලොක්කො මේ සටන කල්දාන්න කියල ඉල්ලල....

මේ හුටපට ගැන කළකිරුණ දේවාලයේ වැඩවසන මහ බලවත් දෙවියොත් ඡන්ද සටන කල්දාන්න කිව්වය කියලයි පළාතෙ අය නම් කියන්නෙ... කොහොම හරි අන්තිම දවසෙ ආණ්ඩුව ඡන්දෙ කල්දාන්න තීන්දු කළා. ඊට පස්සේ “රටේ පවත්නා මහා කොරෝනා වසංගතය හේතුවෙන් මෙම ඡන්දය නැවත දැනුම් දෙනතුරු කල්තබනු ලැබේ” කියල සුපුරුදු නිවේදනත් නිකුත් කළා...

ඒ හින්ද ලක්ෂ දෙසීය ගණනක් වියදම් කරන්න හිටපු කෙනෙකුගෙ සල්ලි ඉතුරු වුණ බවත් ආරංචියි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00