2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

එස්.එම්.එස්. ආරාධනාව

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 770

ආණ්ඩුවෙ ඉහළම තැනකින් තවත් ඉහළම තැනකට දිග එස්.එම්.එස්. එකක් ආවලු...

මේ එස්.එම්.එස්. එක එව්වෙ විශේෂ ආරාධනාවක් කරන්න කියලයි තතු දත් අය කියන්නෙ. මේ ආරාධනාව තනතුරක් සම්බන්ධයෙන් කියලත් සමහරු කතාවෙනව අපට ඇහුණා.

එස්.එම්.එස්. එක එවූ බලවතා ඉතාම ඉක්මණින් තීන්දුවක් අරගෙන ආරාධනා කරන තනතුර පිළිගන්න කියන එකයි කියල තිබ්බේ. වාර ගණනක් කටින් කියල බැරිම තැනලු මේ එස්.එම්.එස්. එක යැව්වෙ....

ඒත් එස්.එම්.එස්. එක ලැබුණ බලවතා මේ ආරාධනාව ගැන තවමත් හිත හිතා ඉන්නව මිසක් තීන්දුවක් අරන් නැහැ කියලයි ආරංචි.

උන්නැහේ එහෙම ඔය කියන තනතුර ඉක්මනට භාර නොගන්න හේතු ගණනාවක් බලපාල ඇති කියල එයාගෙ හිතවතුන් කියනව....

ආණ්ඩුවෙ බලසම්පන්නම තුන්දෙනාගෙන් දෙන්නෙක් මේ විදියට එස්.එම්.එස්. මගින් සාකච්ඡා කර කර උත්සාහ කරන්නෙ ජනවාරි මාසෙ දිහාට වෙන්න යන තවත් දේශපාලන පෙරළියකට පාර කැපීමක්ද කියල තවත් අය ප්‍රශ්න කරනව.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00