2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

ඉස්සරහට එන දවස

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 709

අත පාටියෙන් ඇවිත් පහුවෙලා පොහොට්ටුවට සැට්වුණ වයඹ පළාතෙ ලොකු මහත්තයෙක් ඉන්නව.

උන්නැහේ අත පාටියෙ ඉහළම තනතුරු වගේම ඇමැති පට්ටම් දැරූ හොඳ සිනමා ලෝලියෙක් බව දන්නෝ දන්නව...
අලුත් පොහොට්ටු ආණ්ඩුව ඇවිල්ල පට්ටම් බෙදනකොට මුන්නැහේගෙ පිඟානට මුකුත්ම පට්ටමක් වැටුණෙ නැහැ....
එදා ඇමැති දැන් එයා නිකම්ම මන්ත්‍රී. නමුත් එයා කවදාවත් ඒ ගැන දෝස්මුර දාන්න ගියේ නැහැ. ඒත් ළඟදී එයා ආණ්ඩුවෙ දේශපාලන කාඩ් කූට්ටම අනන එක්තරා බලවතෙකුගෙන් අපූරු ප්‍රශ්නයක් ඇහුවලු....

“මම සෑහෙන කාලයක් දියවන්නාවෙ හිටපු කෙනෙක්. දැන් මම නිකම්ම මන්ත්‍රී නිසා වාඩිවෙන්නෙ පිටිපස්සෙ... දිගටම මම ඉන්න ඕන එතැනද?” උන්නැහේ ප්‍රශ්න කළා. ඒකට ආණ්ඩුවෙ බලවතා දුන්නෙ මේ වගේ උත්තරයක්.

“නෑ... නෑ... නෑ... ඔයා ඉස්සරහට එනව. ඒ එන්නෙ ලබන ජනවාරි මාසෙ අන්තිමට.” බලවතා කිව්ව.
බොහෝම ප්‍රියදර්ශනයක් ඇති වයඹ පැත්තෙ මන්ත්‍රීතුමා ස්තූතියි කියල යන්න ගියා...