2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

ඡන්ද සෙවිල්ල

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 823

20 සම්මත කරගන්න කලින් 20 වැනි සංශෝධනේට ඕන ඡන්ද 150 සොයාගන්නා හැටි ගැන ආණ්ඩුවේ ලොක්කො අතරේ කතාවක් ඇතිවුණා..

දියවන්නාවේ කතාවට නායක තැනට මෙතෙන්දි ඡන්ද බලය හිමි නොවන නිසා ඉන්නේ 149යි කිව්වා.. එයිනුත් එක්කෙනෙක් ෂුවර් නැතිලු. එතකොට 148ලු තිබුණේ. ඒ හින්දා මොකද කරන්නේ කියලා කතාව ගැඹුරින් යනකොට ඔන්න ආණ්ඩුවෙම හවුල්කාර පක්ෂ නායකයෙක් වන (මල්) ඇමැතිතුමාට අදහසක් පහළ වුණා...

“ඔය ප්‍රශ්නය විසඳගන්න තවත් එක් ඡන්දයක් හොයාගන්න මට අදහසක් ආවා”මල් ඇමැති කිව්වා.

“මොකද්ද ඒ අදහස” එතන හිටපු මැති ඇමැතිලා හැමෝම උනන්දුවෙන් ප්‍රශ්න කළා.

ඊළඟට උන්නැහේ මෙහෙම උත්තර දුන්නා...

“අපි දියවන්නාවේ කතාවට නායක පදවිය සති දෙකට වෙනස් කරමු. එක්කො සජීතුමාලට හරි සහෝදරයන්ට හරි සති දෙකකට ඔය පට්ටම තෑගි කරලා කතාවට නායකගේ ඡන්දේ අපිට ගන්න පුළුවනි”

(මල්) ඇමැතිතුමා තමන්ගේ උපක්‍රමේ කිව්වම කාටත් හිනා ගියාලු... ඒ කතාව අහන් හිටපු පොහොට්ටුවේ නිර්මාතෘ හිටපු ඇමැති (සිල්) උන්නැහේ කිව්වා “ඡන්ද ගාන බයවෙන්න එපා. සේරම හරි.” කියලා. ඒ සමඟ කතාව හමාර වුණා.