2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

ලොකු මැඩම්ගේ කරුණාව

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 880

සියනෑව පැත්තේ වසංගතේ නිසා මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මේ නිසා එදා වේල හම්බකරගන්න බැරි අය කන්නවත් විදිහක් නැතිව දුක් විඳිනවා. පන්දාහ දෙනවය කීවට ඒත් පළාත් කිහිපයකට විතරයිලු. එච්චර විතරක් නෙවෙයි හැබැයි සියනෑවෙන් ගොඩ ගිය අය වැඩිය පේන්න නැති එකත් ජනතාවට ප්‍රශ්නයක්ලු. අඩුම තරමේ ආචාර්යතුමා අලුතෙන් පත්වෙලත් එයාවත් නෑ කියලයි කියන්නේ. ඒත් මේ අතරේ පරණම කෙනෙක් මිනිස්සුන්ට බඩු බෙදනවලු. හිතාගන්න බැරි මොහොතක හිතාගන්න බැරි කෙනෙක්. ඒ රටේ හිටිය ලොකු මැඩම්ලු. එයා එයාගේ පෞද්ගලික ධනයෙන් එයාගේ පැත්තෙ හැම පවුලකටම සහන මල්ලක් යැව්වලු දුක බෙදාගන්නවා කියලා ලියුමකුත් එක්ක.

මේ සිද්ධියත් එක්ක  දැන් දේශපාලනය කරන අයට වසන්න බැරි ලැජ්ජාවක් සිද්ද වෙලාලු තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මිනිස්සුත් අලුත් අය ගැන නොයෙක් දේවල් කියනවලු. රටේ මහ තැන වෙලා ඉන්න කාලෙවත් නොබලපු ලොකු නෝනා දැන්වත් සියනෑ ජනතාව ගැන බලන එක ගැන නම් හැමෝම හොඳ කියනවලු.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00