2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

පාඩමක්

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 841

පළමුවැනි වතාවට අගනුවර දිසාවෙන් දියවන්නා කවුන්සිලේට පත්වුණ තරුණ මන්තිරිතුමෙක් ඉන්නවා. 

උන්නැහේ කළුකෝට්ධාරී හොඳ කතාකාරයෙක්.. පබ්ලිසිටි පැත්තටත් ටිකක් බරයි. ඉතින් ආණ්ඩුව පසුගියදා 20 වැනි සංශෝධනේ දියවන්නාවට ගෙනාවා. ඊටපස්සේ ඒක උසාවි එහෙමත් ගිය නිසා දැන් තීන්දුවත් ඇවිල්ලලු.
කොහොමහරි 20 රටට ඉදිරිපත් කළාට පස්සේ මේ තරුණ ඇම්.පී. තුමා ඒ ගැන නොයෙක් නොයෙක් දේවල් කියන්න ගත්තේ හරියට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල කස්ටිය වගෙයි.

මේක වරක් දෙවරක් සිද්ධ වෙනකම් පැත්තකට වෙලා බලන් හිටපු රටේ දෙවැනි මහත්තයා.. වැඩේ දුරදිග යන්න හදනකොට මේ තරුණ මන්තිරි තැනට එන්න කියලා පණිවුඩයක් ඇරියා...

ඔන්න ඒ පාර උන්නැහේ ආවා.. ආවට පස්සේ උන්නැහේට දේශපාලනේ කරන හැටි ගැන මිශ්‍ර සිංහල භාෂාවෙන් පාඩමක් කියලා දුන්න බව ආරංචියි... පාඩමට සවන් දුන්න තරුණ මන්ත්‍රීතුමා නොකර සද්ද පිටවෙලා ගියාලු.