2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

හතර මායිමේ එන්න එපා

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 852

පාස්කු කේස් එක මතක් වෙනකොට නම කියැවෙන දේශපාලුතුමා මේ දවස්වල ඉන්නෙ උණු වතුරට වැටිල වගෙයි...
උන්නැහේ නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ වගේ දෙයක් තමයි සිද්ධවෙලා තිබෙන්නෙ.

තමන් රටේ රජ කරවන්න හැදුව විපක්ෂය පැත්තෙනුත් එයාට කොකු... ඒ වගේම ආණ්ඩුව පැත්තෙනුත් කොකු පිට කොකු. කවුරු මොනව කිව්වත් මෙයා නම් මගේ ආණ්ඩුවකට ගන්නෙ නැහැ කියල රටේ ලොකුම ලොකු මහත්තය කිව්වම උන්නැහේගෙ කරණම් වාසනාව කපෝති වුණු බවයි තතු දත් අයගෙ මතේ...

කොහොම නමුත් උන්නැහෙත් මේක ලේසියෙන් අරින්න සූදානම් නැහැ.. ඒ හින්ද එයා අන්තිමට තීන්දු කළේ පාස්කු කේස් එක අතට අරන් ඒ වෙනුවෙන් හඬ නගන කතෝලික සභාවෙ නායකතුමා මුණගැහෙන්නයි.

ඒ සඳහා හුඟක් දුරට කල්පනා කරල සැලසුමක් හදාපු මේ දේශපාලුතුමා වටෙන් ගොඩින් තමුන්ගෙ මේ අදහස සභා නායකතුමාගෙ කන්තෝරුවට ඉදිරිපත් කළාලු.මේ අදහස ඉදිරිපත් කළ සැණින් ඒ පැත්තෙන් පිළිතුරකුත් ලැබුණලු. ඒකෙ තිබුණෙ “මේ හතර මායිමේ පස් පාගන්න හිතන්නවත් එපා” කියලලු... 

ඒ විදිහට තමයි පාස්කු කේස් එකේ අලුත්ම පිටුව පෙරළුණේ.