2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

මහජන දිනේ ගහ යට

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 931

ගහක් යට මහජන දිනේ පවත්න රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවලු...

උන්නැහේට තවමත් කන්තෝරුවක්වත් හරිහමන් නිල වාහනයක්වත් නැති නිසා මහජන දිනේ මේ විදිහට බෝ ගහක් යට පවත්වන බව උන්නැහේ රටේ දෙවැනි මහත්තටයත් ලොකු මහත්තයටත් දැනුම් දීලා...

එච්චර විතරක් නෙවෙයි උන්නැහේ බෝ ගහ යට මහජන දිනට පවත්වන අවස්ථාවේ ගත්ත ඡායාරූප කිහිපයකුත් රටේ දෙවැනි මහත්තයට ගෙනත් පෙන්නලා තමන්ගේ දුක කිව්වා කියලයි ආරංචිය තියෙන්නේ.

තමන් වගකිවයුතු තැන්වලින් කොපමණ ඉල්ලීම් කළත් වැඩේ නොකෙරුණු නිසා මේ විදිහට ගහක් යට මහජන දිනේ පැවැත්තුවලු. කාර්ය මණ්ඩලය විතරක් දීලා කන්තෝරුවක් නැති වුණාම කරන්නේ වෙන්නේ මෙහෙම තමයි කිය කිය උන්නැහේ ඉන්න බවත් කියැවෙනවා.

උඩරට පළාතේ රතු වත්තකින් ආපු මුන්නැහේගේ තාත්තත් රටේ හිටපු ප්‍රබල ඇමැති සයිස් මහත්තයෙක් බවයි තතු දත් අය කියන්නේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00